Instagram පරිශීලකයින් සංක්‍යාව මිලියන 300 ඉක්මවයි


Instagram පරිශීලකයින් සංක්‍යාව මිලියන 300 ඉක්මවයි

Instagram
Instagram බාවිතා කරන්නන්ගේ ගණන මිලියන තුන්සියය (300 Million) ඉක්මවා ඇති බව සිය නිල බ්ලොග් අඩවියේ පල කල නිවේදනයකින් Instagram අනාවරණය කර තිබෙනවා. වසර හතරක පමණ කාලයක් තුල මෙම කඩයිම පසුකිරීමට Instagram ස්මාජජාලයට හැකියාව ලැබුනා. මිලියන හැත්තෑවකට (70 Million) වැඩි පින්තුර හා වීඩියෝ ප්‍රමාණයක් දිනකට මෙම සමාජජාලයට එක් කෙරෙන බවයි වාර්තා වෙන්නේ.
Twitter, Facebook, Goolge+ යන සමාජ ජාල වල ඔබ දකින verified users feature එක Instagram තුලත් ආරම්බ කර තිබෙනවා. මෙමගින් ජනප්‍රිය පුද්ගලයින්ගේ සැබෑ ගිණුම් පහසුවෙන් හදුනාගැනීමට පරිශීලකයින්ට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව Instagram තුල ස්පෑම් සිදුකරන ගිණුම් බ්ලොක් කිරීමට තමන් පියවර ගන්නා බවත් මෙම නිවේදනයේ සමාගම සදහන් කර තිබෙනවා

0 comments:

Post a Comment

(Part 2) Hacker කෙනෙක් වෙන්නේ කොහොමද?

821425982_1385119122
Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? (පළමු කොටස)
Hacker කියන දෙහි අර්ථය,මුලාරම්භය හා Hacker සම්බන්ධ දුර්මත ආදී දේ සම්බන්ධයෙන් අපි පසුගිය සතියේ ලිපියෙන් කතා වුනා. එය ඔබට මඟ හැරුනේ නම් ඉහත සබැඳිය හරහා ගොස්ම මෙම සටහන් මාලාවට එක වෙන්න යයි මම ඔබට ආරාධනා කර සිටිනවා.
අද මුලිකව මෙම සටහනට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන්නේ Hacker කෙනෙක් සතු ගුණාංග හා ඔහු සතුව තිබිය යුතු දැනුම සම්බන්ධයෙනුයි. ඔබටත් Hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් මෙම සටහනේ දැක්වෙන ගුණාංග හා දැනුම තමා සතු කර ගත යුතුයි.
Hackers ල විසින් ප්‍රශ්න විසදනවා වගේම අලුත් නිර්මාණ බිහි කිරීම සිදු කරනවා. තවද ඔවුන් නිදහස අගය කරනවා වගේම සිය කැමැත්තෙන් අන් අයට උදව් උපකාර කිරීමට පෙළඹෙනවා. ඔබව hacker කෙනෙක් විදිහට පිළිගැනීමට නම් ඔබ තුල මෙම ගුණාංග පුහුණු කර ගැනීම හා ඔබ ඔබව විශ්වාස කිරීමට පුරුදු විය යුතු වෙනවා.
Hacker කෙනෙකුගේ ගුණාංග ඔබ තුල වඩා වර්ධනය කර ගත යුත්තේ හුදෙක්ම සමාජය තුල පිලි ගැනීමක් ලබා ගැනීමට පමණක් යැයි නමුත් ඔබ සිතනවා නම් එය වැරදියි. මෙවැනි ගුණාංග ඔබ තුල වර්ධනය කර ගැනීමෙන් ඔබට ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට හැකිවෙනවා වගේම නිරන්තරයෙන්ම උද්යෝගිමත්ව සිටීමට ඔබට හැකි වෙනවා. ඕනෑම කලාවක විශේෂඥයෙක් වීමට නම් එම කලාවේ විශේෂඥයින්ගේ මානසික සංකල්ප බුද්ධිමය වශයෙන් මෙන්ම සිතුවිලි වශයෙන්ද අනුගමනය කිරීමට සිදුවෙනවා.
එසේත් නැතිනම් පහත ඇති නවීන Zen කාව්‍යය අනුගමනය කිරීමට ඔබට සිදු වෙනවා.
To follow the path:
look to the master,
follow the master,
walk with the master,
see through the master,
become the master.
ඔබත් hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් පහත දැක්වෙන කරුණු නිරන්තරයෙන් අනුගනය කිරීමට සිදුවෙනවා.

1. තවමත් විසඳුමක් සොයා නොගැනුනු ආකර්ශනීය ගැටළු වලින් ලෝකය පිරී ඇති බව.

Hacker කෙනෙක් වීම බොහෝ සෙයින්ම ආස්වාදය ගෙන දෙන්නක්. නමුත් මෙම සතුට, විනෝදය ලබා ගැනීමට බොහෝ පරිශ්‍රමයක් දැරිය යුතු වෙනවා.
සාර්ථක ක්‍රීඩකයෙක් තමාගේ ශරීරය ක්‍රීඩාවට පුහුණු කිරීමෙන් , තමා ක්‍රීඩාවේ දක්ෂතා දැක්වීමෙන් හා ජයග්‍රහණ ලබා ගැනීමෙන් තව තවත් උද්යෝගිමත් වෙන්නා සේ hacker කෙනෙක් වීමට කැමති ඔබත් ගැටළු විසදීමෙන් , දක්ෂතා වැඩි දියුණු කර ගැනීමෙන් , ඔබ ලබා ගත්තාවූ ඥානය පාවිච්චි කිරීමෙන් ආස්වාදයක් හා සතුටක් හා උද්යෝගයක් ඇති කර ගත යුතුයි.
ඔබ සාමාන්‍යයෙන් එවැනි වූ පුද්ගලයකු නොවේ නම්, ඔබට සිදු වෙනවා පරිශ්‍රයක් දරා හෝ එවැනි පුද්ගලයකු වීමට. නැතිනම් මිල මුදල් , සමාජ සම්මුති වැනි සමාජයේ ඇති වෙනත් අරමුණු වලින් Hack කිරීමේ ආශාව අවම කර දමාවි.
ඔබ යම් ගැළුවක් සම්පුර්ණයෙන්ම විසදීමට නොදන්නවා විය හැකියි. නමුත් ඔබ දන්නා තැනින් පටන් ගෙන එතැන් සිට තම දැනුම වර්ධනය කර ගනිමින් ගැටලුව කෙසේ හෝ විසදීමට උත්සාහ දැරිය යුතුයි. කොටසින් කොටස ඉගෙන ගනිමින් ප්‍රශ්නය කොටසින් කොටස විසදිමින් ඉදිරියට යාමට ඔබේ මනස සකස් කර ගත යුතුයි.

2. එකම ගැටලුව දෙවරක් විසදිය නොහැකිය බව.

නිර්මාණශීලී පුද්ගලයන් ලොව විරලයි. එම නිසා ඔවුන් විසින් නැවතත් රෝදය සොයා ගැනීමට වෙර නොදැරිය යුතුයි, කිමද ලොව තුල විසදීමට නොහැකි වූ බොහෝ ගැටළු තිබෙන බැවින්.
Hacker කෙනෙක් ලෙස හැසිරීමට කැමති ඔබ සිටිය යුතු දෙයක් වන්නේ අනෙකුත් hackers ලගේ කාලය ඉතා වටිනා බවත් එය එකම ගැටලුව විසදීමට නොදිය යුතු බවත් ය. එම නිසා ඔබ ඔබගේ දත්ත, ගැටළු විසදීම් හා ඒවායේ විසදුම් අන් අයට දන ගැනීමට සැලැස්විය යුතුයි. එවිට අනිත් අයට හැකියාව ලැබෙනවා එකම ප්‍රශ්නය දෙවරක් විසදීමට තත් නොකර නව ගැටළු සොයා ඒවා විසදීමට කාලය හා ශ්‍රමය යෙදවීමට.
“එකම ගැටලුව දෙවරක් විසදිය නොහැකිය බව” යන දෙයින් ලෝකයේ තිබෙන හැම ගැටළුවකටම තනි එක පිළිතුරක් ඇති බව හෝ එය තනි කෙනෙකු විසින්ම විසදිය යුතු බවම ගම්‍ය වෙන්නේ නැහැ. ගැටලුව වඩා හොදින් අධ්‍යනය කිරීමේදී පළමු විසදුමට වඩා දෙවැනි විසදුම වඩා සුදුසු යයි සිතිය හැකියි. මම මෙයින් අදහස් කරනු ලැබුවේ බොහෝ දෙන තම ගැටළු විසදුවත් ඒවා අනිත් අය සමග බෙදා ගැනීමට අකමැති වීමයි. විවිධ වූ තාක්ෂණික, නීතිමය හෝ සංස්ථායික බාධක (closed-source code වැනි වූ) නිසා හොඳ විසදුම් නැවත භාවිතයට ගැනීම වැලැක්වීම නොකළ යුතුයි. එය හරියට අනිත් යට නැවත රෝදය සැදීමට බල කරනවා වැන්නකි.

3. කම්මැලිකම හා වෙහෙස ගැන නොසිතිය යුතුයි.

Hacker කෙනෙක් විදිහට එකම දෙය බොහෝ වරක් අත්හදා බැලීමෙන් හා වැරදීම් වලදී වෙහෙසට පත් නොවිය යුතුයි. නව ගැටළු විසදීමේදී බොහෝ වැරදීම් හා එකම දෙය නැවත නැවත කර බැලීමට ඔබට සිදු වෙනවා. මෙම කාලය නාස්තිය ඔබට වෙහෙසක් ගෙන දුන්නද ඔබ ඔබේ කාර්ය අත් නොහැරිය යුතුයි.
මෙලෙස නැවත නැවත උත්සහ කිරීමේදී ඔබේ දැනුම තව තවත් වර්ධනය වන අතර එමගින් Hacker කෙනෙක් වීමට අවශ්‍ය කුසලතා ඔබ තුල ගොඩ නැගෙනවා. එනිසා කිසි විටක කම්මැලි වීමට නොසිතා තමාගේ අරමුණ කර යාමට වග බල ගන්න.

4.ස්වාධීනත්වය සහ නිදහස වඩා වැදගත්.

Hackers ල බොහෝ සෙයින් ස්වාධීනත්වයට කැමති පිරිසක්. කව්රුන් හෝ කෙනෙක් ඔබට අණ විධාන දෙන්නේ නම් එයින් බොහෝ විට ඔබ අසා කරන දෙය , ඔබ අසාවෙන් විසදීමට තැත් කරන ගැටලුව විසදීමට බාධාවක් වෙනවා. විවිධ වූ අනවශ්‍ය අදහස් ඔබ වෙතට යොමු කිරීම තුලින් ඔබගේ කාර්යයෙන් බැහැර කර දැමිය හැකියි.
මෙයින් Hacker කෙනක් තනි , සමාජ ඇසුරක් නැති , තනි මතයට පමණක් සිටින පුද්ගලයෙක් විය යුතු යයි කිය වෙන්නේ නැහැ. ශිෂ්‍යයන් විදිහට අපි කටත් තවත් කෙනෙකුගේ මර්ගොපදෙෂන්යක් අවශ්‍ය වෙනවා. එවිට හැකි වෙනවා අන්තර්ජාලය තුල පවතින සාපරාධි ක්‍රියා වලට හසු නොවී ඔබගේ කටයුතු ඉදිරියට කර ගෙන යාමට. නමුත් Hacker කෙනක් වීමට මානසික මානසික නිදහස හා ස්වාදීනත්වය අවශ්‍ය වෙනවා.

5. ගුණාංග පුහුණු කිරීමෙන් පමණක් ප්‍රවීනත්වයට ලඟා විය නොහැකි බව

0 comments:

Post a Comment

(Part 1) Hacker කෙනෙක් වෙන්නේ කොහොමද?

penetration-testing
තොරතුරු තාක්ෂණ ලෝකයේ බොහෝ දෙනා කතා වන වචන දෙකක් තමයි Hacking සහ Hacker කියන්නේ. Hacking සහ Hackers ල නිසාම තාක්ෂණ ලෝකය නිරන්තරයෙන්ම කැළඹීම් වලට ලක්වෙනවා. බොහෝ රටවල් තම රහස් දත්ත Hackers ල ගෙන් ආරක්ෂා කර ගැනීමට බොහෝ සෙයින් උත්සහ දරනවා. නමුත් ඉතා සියුම් ආරක්ෂණ සිදුරක් තුලින් රිංගා සියලුම දත්ත මිනිත්තු කිහිපයකින් තමා සතු කර ගන්නා අති දක්ෂ ,සුපිරි ගනයේ Hackers ල ලොව ඕනැ තරම් සිටිනවා.
ඒවගේම තොරතුරු තාක්ෂණ ලෝකයේ සැරි සරණ බොහෝ දෙනා තමා Hacker කෙනෙක් ලෙස හඳුන්වා දීමට කැමැත්තක් දක්වනවා. එයට හේතුව නම් Hacking යනු ඉතා ආකර්ශනීය වගේම නිර්භීත වික්‍රමයක් වන නිසායි. නමුත් අපි හැමෝම Hackers ල නම් නොවෙයි. එහෙත් ඔබටත් Hacker කෙනෙක් වීමේ ආසාව හා උනන්දුව ඇත්තම් ඔබටත් පසුවෙන්ම Hacker කෙනෙක් වෙන්න පුළුවන්.
එලෙස ආසාව හා උනන්දුව තියෙන ඔබට අද සිට ඉදිරියට මම ලිවීමට යන සටහන් මාලාව බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි. මෙම සටහන් මාලාව සමඟ රැදී සිටීමට ඔබට ආරාධනා කරමින් ප්‍රථම සටහන මෙලෙස ආරම්භ කර සිටිනවා.
Hacker කියන්නේ කුමක්ද?
ලෝකයේ ‘hacker’ යන වචනයට බොහෝ තේරුම් ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ අර්ථ දැක්වීම් කැටි කර ගත කල කියවෙන්නේ ‘hacker’යනු තාක්ෂණික නිපුණත්වයෙන් හා ප්‍රවීණත්වයෙන් සම්පුර්ණ වූ ප්‍රශ්න විසදීමේ කැමැත්ත හා ප්‍රබෝධය ඇති හා සිමා ඉක්මවා කටයුතු කිරීමට හැකි යන්නයි. නමුත් ඇත්තටම ඔබට hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් පහත අර්ථකතන දෙක බොහෝසෙයින් අදාළ වෙනවා.
මුල් යුගයේ ARPAnet පර්යේෂණ සහ දශක කිහිපයක් අතීතයේ පළමු sharing minicomputer සිට ඇති දක්ෂ programmers ලාගෙන් හා networking wizards ලා ගෙන් පරිපුර්ණ වූ සභාග සංස්කෘතියක් , සමාජ සමුහයක් පැවතෙනවා. මෙම සමාජ සංස්කෘතියේ පුද්ගලයන් තුලින් මෙම ‘Hacker’ යන වචනය උපත්තිය ලැබුවා. Hackers විසින් අන්තර්ජාලය ගොඩ නැගුවා. Hackers විසින් අදටත් පවනින Unix මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලැබුවා. Hackers විසින් World Wide Web (www) නිර්මාණය කරනු ලැබුවා. ඔබත් මෙම සංස්කෘතියේ කොටස් කරුවෙක් නම් , ඔබත් මෙයට දායකත්වය දක්වා ඇත්නම් සහ මෙහි සිටින අතිකුත් මිනිසුන් ඔබ කව්ද කියා දන්නවා වගේම ඔවුන් ඔබට ‘Hacker’ කියා අමතනවා , ඔබ ‘Hacker’ කෙනෙක්.
Hacker කෙනෙකුගේ මනස software-hacker සංස්කෘතියට පමණක් සිමා වී නැහැ. මෙම hacker ආකල්පය ඉලෙක්ට්‍රොනික් විද්‍යාව , සංගීතය වැනි වෙනත් දේවල් සමඟ මුසු කල පුද්ගලයින් ලොව සිටිනවා. සැබවින්ම ඔබට මෙය ඕනෑම විද්‍යා හෝ කලාවක ඉහලම තලයේදී සොයා ගත හැකියි. Software hackers මෙවැනි වූ පිරිස් අතුරෙන් බොහෝ විට හඳුනා ගැනීමට ලක්වෙන අතර ඇතැම් අයගේ අදහස් අනුව hacker ස්වභාවය ඇත්ත වශයෙන්ම ඔවුන් වැඩ කටයුතු කරන මාධ්‍යයෙන් සම්පුර්ණයෙන්ම ස්වාධීන වෙනවා. නමුත් මෙතැන් සිට ආරම්භ කරන්නා වූ සටහන් මාලාව මුලික වශයෙන් software hacker කෙනකු තුල තිබිය යුතු දක්ෂතා, නිපුනතා සහ හැසිරීම් පිළබඳ සාකච්චා කෙරෙනු ලබනවා.
ඒවගේම තමන් hacker කෙනෙක් යැයි ලොවට හඬ නගා කීමට උත්සහ කරන පිරිසකුත් අප අතරම සිටිනවා. ඇත්තටම ඔවුන් hackers ල නම් නොවෙයි. බොහෝ නවයොවුන් වියේ පසු වන්නන්, දුරකථන පද්ධතියක් ක්‍රියා වන ආකාරය සොයා ගත් පමණින් හා පරිගණකයක ක්‍රියාකාරීත්වය බිඳ දැමීමෙන් ඔවුන් hacker කෙනෙක් යයි හඳුන්වා දීමට පෙළඹෙනවා. නමුත් ඇත්තම hackers ල එවැනි පිරිස් හඳුන්වන්නේ ‘crackers’ නමිනුයි. සැබෑ hackers ල, crackers ල ගැන සිතන්නේ ඔවුන් කම්මැලි, වගකීමක් නොමැති , දක්ෂ කමින් අඩු පිරිසක් ලෙසයි. අවසනාවන්ත ලෙස බොහෝ ජනමාධ්‍ය වේදීන් හා රචකයන් ‘hacker’ යන වචනය crackers ල හඳුන්වා දීමට යොදා ගැනෙන අතර එයින් බොහෝ පිරිස් මුලා වෙනවා.
Hackers සහ crackers අතර මුලික වෙනස නම් hackers විසින් දේවල් ගොඩ නඟන අතර crackers විසින් ඒවා බිඳ දැමීමයි.
ඇත්තටම ඔබට hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් ඉදිරියත් මෙම සටහන් මාලාව සමඟ රැදී සිටින්න. නමුත් ඔබට cracker කෙනෙක් වීමට අවශ්‍ය නම් ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔබ, ඔබ හිතන තරම් smart පුද්ගලයෙක් නොවන බව පමණයි

0 comments:

Post a Comment

Hacker කෙනෙක් වෙන්නේ කොහොමද?

Hacker කෙනෙක් සතු විය යුතු චිත්ත ලක්ෂණ හා hacker කෙනෙක්ගේ ස්වරුපය ගැන අපි පසුගිය සතියේ කතා කළා. නමුත් hacker කෙනෙක් වෙන්න එපමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා කුසලතාවය හා දැනුම දියුණු කර ගත යුතුයි. ඒ සඳහා ඔබට අද දින කතා කිරීමට බලාපොරොත්තු වන නිපුණතාවයන් ප්‍රගුණ කර ගත යුතුයි.

1. පරිගණක ක්‍රමලේඛය (programing) ඉගෙන ගන්න.

 

 

 

ඇත්ත වශයෙන්ම hack කිරීම සඳහා මුලිකවම දියුණු කර ගත යුතු කුසලතාවය වන්නේ මෙයයි. ඔබ කිසිම computer languages එකක් නොදන්නේ නම් මම ඔබට නිර්දේශ කරනවා Python language එක ඉගෙන ගන්න පටන් ගන්න කියලා. මෙය නවකයෙකුට හොඳ ආරම්භක ස්ථානයක්. මෙම language එක නවකයන් සඳහා ප්‍රථම පරිගණක භාෂාව ලෙස ඉගෙන ගත යුතු භාෂාවක් පමණක්ම නොවෙයි. මෙය ඉතාමත් ප්‍රබල වගේම විශාල ප්‍රමාණයේ projects සඳහා ඉතාමත් සුදුසු පරගණක භාෂාවක් වෙනවා. Python language එක ඉගෙන ගැනීම සඳහා ඉතාමත් හොඳ tutorials Python වෙබ් අඩවියේ ඇතුලත් වෙනවා. ඒවගේම python ඉගෙන ගන්න හොදම third-party වෙබ් අඩවියක් තමයි Computer Science Circles.https://docs.python.org/2/tutorial/
මුලික language එකක් විදිහට Java ඉගෙන ගැනීමට ආරම්භ කරන්නත් පුළුවන්. නමුත් පරිගණක භාෂාවන් ගැන ලියවූ සටහන් කියවීමෙන් අනතුරුව Java වලට වඩා ප්‍රථමයෙන් C ඉගෙන ගැනීම සිදු කර අනතුරුව Java වලට යොමු වීම වඩා සුදුසු යැයි හැඟෙනවා.
ඔබ programming වලටම යොමු වීමට කැමති නම් Unix හි මුලිකම language එක වූ C ඉගෙන ගත යුතුම වෙනවා. C++ පරිගණක භාෂාව C වලට බොහෝ සෙයින් සමානයි. ඔබ එක පරිගණක භාෂාවක් ඉගෙන ගත හොත් අනෙක් භාෂාවන් ඉගෙන ගැනීම එතරම් අපහසු කාර්යයක් වෙන්නේ නැහැ.
Hacker කෙනෙකුට වැදගත් වන තවත් පරිගණක භාෂාවන් දෙකක් තමයි Perl සහ LISP. Perl ඉගෙන ගැනීම ප්‍රයෝගික භාවිතයේදී ඉතා වැදගත් මන්ද යත් Perl පරිගණක භාෂාව active web pages සහ system administration වලදී බොහෝ ලෙස භාවිතා වෙනවා. එම නිසා ඔබ කිසි දිනක Perl scripts ලිවීමට බලාපොරොත්තු නොවූ වත් ඒවා කියව තේරුම් ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි.
කෙසේ වෙතත් ඔබට Python, C/C++, Java, Perl, and LISP යන පරිගණක භාෂා 5ම ඉගෙන ගත හැකි නම් එය ඔබට ඉතාමත් වැදගත් වෙනවා.
කිමද, මෙම පරිගණක භාෂාවන් වැදගත්ම hacking languages පමණක්ම නොව මේ තුලින් ඔබට එකිනෙකට වෙනස් වූ programming approaches හඳුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. එමඟින් ඔබට ඔබේ දැනුම වඩා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
පරිගණක වැඩසටහන් ලිවීමට ගැන සම්පුර්ණ උපදේශනයක් කෙටි සටහනක් තුලින් ඔබට ලබා දීමට හැකියාවක් නැහැ. කිමද එය ඇත්තටම සංකීර්ණ වූ කුසලතාවයක්. නමුත් මට එක දෙයක් ඔබට සහතික කර කිව හැකියි. එනම් පොත් කියවීම හා පාඨමාලා වලට සම්බන්ධ වීමෙන්ම පමණක් ඔබට මෙම කුසලතා වර්ධනය කර ගත නොහැකියි. බොහෝ දක්ෂ hackers ලා තනිවම තමන් විසින්ම ඉගෙන ගත් අයයි. ඔබට පරිගණක භාෂාවේ ලක්ෂණ සහ යම් දැනුමක් පොත් පත් තුලින් ලබා ගත හැකියි. නමුත් සාමාන්‍ය ලෝකය තුල ඇති ගැටලුවක් පරිගණක ලෝකය තුල දකින්නට, එය පරිගණක භාෂාවක් තුලින් නිර්මාණය කිරීමට ඔබට පර්යෝගික දැනුම අවශ්‍ය වෙනවා. එම නිසා එම හැකියාව වර්ධනය කර ගැනීමට ඔබට පරිගණක වැඩසටහන් කියවීම (reading code) හා ලිවීම (writing code) සිදු කල යුතුම වෙනවා.

2. Open-source Unixes භාවිතයට නැඹුරු වන්න.

මෙය කියවන බොහෝ දෙනෙක් ට තමන්ගේම පරිගණකයක් තිබෙනවා. නැතහොත් ඔබට කිසියම් අයුරකින් පරිගණකයක් භාවිතයට අවස්ථාව තිබෙනවා. එසේනම්, hacker කෙනක් වීමට කැමති hacking ලොවට ආධුනිකයෙක් වන ඔබ කලයුතු වැදගත්ම සහ මුලිකම දෙය තමයි ඔබේ පරිගණකයට Linux හෝ BSD-Unixes වලින් එකක් ඔබේ පරිගණකයට install කර ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීමයි. මෙයින් ඔබට hack කිරීමේ මුලිකම කුසලතා වර්ධනය කර ගත හැකියි.
Unix වලට අමතරව තව බොහෝ පරිගණක පද්ධති ලොව තිබෙනවා. නමුත් ඒවා බෙදා හැර තිබෙන්නේ binary ලෙසයි. එමනිසා ඔබට code කියවීම හෝ වෙනස් කිරීම සිදු කල නොහැකියි. Microsoft Windows පරිගණකයක් භාවිතයෙන් හෝ අනික් closed-source system එක භාවිතයෙන් hack කිරීමට ඉගෙන ගැනීමට උත්සහ කිරීම හරියට මුළු සිරුරම වෙළුම් පටි වලින් ආවරණය කර ගෙන body cast එකක් දමා ගෙන නර්තනය ඉගෙන ගැනීමට උත්සහ කරනවා වැනි වූ නිෂ්පල ක්‍රියාවක් වෙනවා.
Internet හි මෙහෙයුම් පද්ධතිය වන්නේ Unix. ඔබට Unix නොදැන අන්තර්ජාලය භාවිත කල හැකි වුවත්, ඔබට Unix නොදැන Internet hacker කෙනෙක් වීමට හැකියාවක් නැහැ. මේ හේතුව නිසාම අද hacker සමාජය Unix කේන්ද්‍රගත කරගෙන ගොඩ නැගී තිබෙනවා.
ඔබත් Unix වලට යොමු වන්න. එය ඉගෙන ගන්න. ක්‍රියාත්මක කරන්න, අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන්න, පරිගණක වැඩසටහන් කියවන්න, ඒවා වෙනස් කරමින් අත්හදා බලන්න. ඔබට C, LISP, Python, සහ Perl ඇතුළුවන් තවත් හොඳ, කිසිම Microsoft operating system එකකට host කිරීමට සිතිය වත් නොහැකි programming tools මෙහිදී ඔබට ලැබේවි. ඒවගේම ඔබට මෙය විනෝදයක් එක කරාවි. එය ඔබව master hacker කෙනෙක් කරාවි.
ඔබට Linux Online! වෙබ් අඩවිය මඟින් Linux භාවිතය ආරම්භ කල හැකි වගේම Linux user group සමඟ අදහස් හුවමාරු කර ගැනීමත් සිදු කල හැකියි.
BSD Unix උදව් සඳහා www.bsd.org වෙත පිවිසිය හැකියි.
ආධුනිකයෙක් ලෙස Linux වලට යොමු වීමට හොඳ ක්‍රමයක් තමයි live CD. මෙය තනිකරම CD එකක් මත run වන අතර hard disk එක modify කිරෙමක් සිදු කරන්නේ නැහැ. නමුත් CD slow නිසා මෙහි ක්‍රියාකරීත්වය මන්දගාමීයි. නමුත් මෙයත් ඔබට අත්හදා බැලීමට හැකියි.

3. World Wide Web භාවිතය හා HTML ලිවීම ඉගෙන ගන්න.

දක්ෂ hacker කෙනෙක් වීමට World Wide Web ක්‍රියාත්මක වන ආකාරය, එය සමඟ ගනු දෙනු කරන ආකාරය ඉගෙන ගත යුතුයි. මෙයින් කියවෙන්නේ web browser එකක් භාවිතය ඉගෙන ගැනීම නොවෙයි. එය ඕනෑම කෙනෙක්ට කල හැකියි. එහෙත් ඔබ Web හි markup language එක වන HTML ලිවීමට ඉගෙන ගත යුතුයි. ඔබ ඔබේම home page එක HTML තුලින් නිර්මාණය කරන්න. ඒවගේම classic HTML වලට වඩා ක්‍රමවත් වූ XHTML භාවිතයට නැඹුරු වන්න. මෙය නවකයෙකුට HTML ඉගෙන ගැනීමට අන්තර්ජාලය තුල ඇති හොඳ වෙබ් අඩවියක්.

4. ඔබට ඉංග්‍රීසි දැනුම නොමැති නම් ඉගෙන ගන්න.

ඉංග්‍රීසි යනු අන්තර්ජාතික භාෂාවක්. බොහෝ කරුණු අන්තර්ජාලය තුල පල වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එම නිසා තම තුලට දැනුම එක කර ගැනීමට, අන්තර්ජාලයේ පල වන බොහෝ දේ දන ගැනීමට, ඉගෙන ගැනීමට ඔබට ඉංගිරිසි දැනුම අවශ්‍ය වනවා.
ඒවගේම අනිකුත් hackers ල සමඟ අදහස් හුවමාරු කිරීමට , forum භාවිතයට මෙම දැනුම අවශ්‍ය වෙනවා. ඔබ නිවැරදි ව්‍යකරණ නොමැතිව, අකුරු වරදවා ලියනවා නම් ඔබව ඇතැම් විට hacker ලෝකය තුල කොන් වීමට ඉඩ තිබෙනවා. හැමදේම හොඳින් ඉගෙන ගන්න. ඔබේ පෞරුෂත්වය ගොඩ නගා ගැනීමට ලොව තුළ ඉදිරියට යාමට , ලොව තුල පිළිගැනීමක් ඔබට හිමි වීමට ඉංග්‍රීසි දැනුමත් ඉවහල් වේවි.
Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? තවත් සටහනකින් හමු වෙමු.

0 comments:

Post a Comment

WIFI HACK කරමු

මම මේ කියන විදියට පුලුවන් වෙන්නේ ඇලිස් හෝ පාස්ට්වෙබ් කියන Wifi සර්විස් හැක් කරන්න විතරයි. ඉතාලියේ නම් මේක එලකිරි වගේ වැඩ කරනවා. මේකයි කරන්න තියෙන්නේ 

මුලින්ම මේ පොඩි සොප්ට්වෙයාර් කැල්ල ඩවුන්ලෝඩ් කරගන්න.

                                             මෙතන ඔබන්න
ඊට පස්සේ කරන්න තියෙන්නේ ඩවුන්ලෝඩ් උන සිප් පයිල් එක ඕපන් කර ගන්න එක
එතකොට එනවා Alice WPA Calculator 2.0.exe කිල එකකකුයි FASTWEB WPA CALCULATOR.exe කියල එකකුයි



ඊට පස්සේ තමන්ග් පරිගනකයට අහුවෙන Wifi නෙට්වර්ක් වලින් පාස්ට්වෙබ් හෝ ඇලිස් තියනවානම්

“FASTWEB-1-xxxxxxxxxxxx” හෝ “Alice-xxxxxxxx” කියන ඒවායේ xxxxxxxx වෙනුවට අදාල කෝඩ් දීල කැල්ක් කියන බොත්තම ‍ඔබන එක. ඊට පස්සේ එතනින් දෙන කී එක පාස්වර්ඩ් එක විදියට දීල අනුන්ගේ Wifi නෙට්වර්ක් වලින් ඇතිවෙන්න ඉන්ටර්නෙට් යන්න. ඇලිස් නම් මම චෙක් කරේ නෑ. පාස්ට්වෙබ් නම් එලමකිරි

0 comments:

Post a Comment